අද දිනයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය අවම වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් 15%ක් පමණක් ඊයේ දිනයේදී ධාවනය කෙරුණු බවයි.
කෙසේ වෙතත්, ඩීසල් නොලැබීම හේතුවෙන් එය අද දිනයේදී තවදුරටත් පහත වැටෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඩීසල් නොමැති වීම හේතුවෙන් ආනයන අපනයන බහාළුම් ප්‍රවාහන රථ 75%ක් පමණ මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.
සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ මේ හේතුවෙන් අපනයන බහාළුම් නියමිත වේලාවට නෞකා වෙත ප්‍රවාහනය කිරීම ගැටලුවක් වී ඇති බවයි.