අදත් පැය 12ක් - අඳුරට
Friday, 01 April 2022 - 8:15 | Views - 2,591

අද දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි පැය 12 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.
ඒ අනුව A B C D E F P Q R සහ S කලාපවලට අලුයම 4 සිට පෙරවරු 6 දක්වාත්, පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වාත්, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විදුලිය විසන්ධි කෙරෙනවා.
G H I J K L T U V සහ W කලාපවලට අද පෙරවරු 6 සිට පෙරවරු 8 දක්වාත්, මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වාත්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 12 ක් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.
M N O X Y සහ Z යන කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන්නේ, අලුයම 05.30 සිට පෙරවරු 9 දක්වා සහ පස්වරු 4 සිට පස්වරු 6 දක්වා කාලයේයී.
පෙරවරු 06.00 සිට පෙරවරු 09.30 දක්වා කාලයේ කොළඹ නගරයට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මේ අතර, ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගෙන පැමිණෙන නෞකාව අද රාත්‍රියේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා කියා සිටියේ එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඉන් අනතුරුව සිදු කෙරෙන බවයි.
එමෙන්ම ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000ක් සහිත නෞකාවක් මෙතෙක් ඩොලර් ගෙවීම් සිදු නොකිරීම නිසා තවදුරටත් නැංගුරම් ලා ඇති බවද ඇය සඳහන් කළා. අදාළ නෞකාව පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වී ඇති අතර, මේ වනවිට කොළඹ වරායට ආසන්නව නැංගුරම් ලා තිබෙනවා. අදාල ගෙවීම් කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටින බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්.ඔල්ගා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article