පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් තැපැල් සේවාවල ප්රමාදයක් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ වන විට රට පුරා ම දැඩි තෙල් සහ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් සියලු ම දෛනික රාජකාරී කටයුතුවලට මෙන්ම පෞද්ගලික ජීවිතවලට ද එල්ල වී ඇත්තේ දැ ඩි බලපෑමක්.
ඩොලර් හිඟවීම හේතුවෙන් රට තුළට පැමිණෙන ඉන්ධන පිරවූ නෞකා භාරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.
මේ හේතුවෙනුයි ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද දෛනික ක්රියාවලියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.