යළි ඖෂධ මිල ඉහළ දැමීමේ හැඩක්
Thursday, 31 March 2022 - 14:34 | Views - 4,734
ඖෂධ මිල යළි ඉහළ දැමීමට රජයේ අවදානය යොමුවී ඇති අතර එම තීරණය අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.

එසේම ඩොලර් හිගය හේතුවෙන් සැපයුම්කරුවන් මුහුණ දී ඇති ගැටළු නිසා රජයේ රසායනාගාර තුළ සිදුකෙරෙන පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

මෙහිදී සැත්කම් කිරීමේදී නිර්වින්දනයට යොදා ගන්නා සහ හෘද රෝගීන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ දෙකක් රජයේ රෝහල් තුළ හිඟවීම සම්බන්ධයෙන් අප ප්‍රශ්න කළා.

එහිදී ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ නිර්වින්දනය කිරීමට උපයෝගී කර ගන්නා එන්නත් 90,000ක් ඊයේ ලැබුණු බවයි.

මේ අතර, පවුල් සෞඛ්‍ය සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

ඒ, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 5 දෙනෙකුට විශේෂ ශ්‍රේණියේ පත්වීමක් ලැබී තිබියදී එය අත්හිටුවීමට බලධාරින් කටයුතු කිරීමට එරෙහිවයි.

එමෙන්ම, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් කොළඹ - ලිප්ටන් වටරවුමේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top