ප්‍රසන්න මනී එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ බලපත්‍රය අත්හිටුවයි
Thursday, 31 March 2022 - 13:23 | Views - 4,303

ප්‍රසන්න මනී එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර තිබූ මුදල් වෙනස් කිරීමේ බලපත්‍රය මහ බැංකුව විසින් අත්හිටුවා තිබෙනවා.
Prasanna Money Exchange (Pvt) Ltd ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මුදල් හුවමාරු (පුද්ගලික) සමාගමෙහි කළ ස්ථානීය පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.
විමර්ශනයට අනුව, ප්‍රසන්න මුදල් හුවමාරු (පුද්ගලික) සමාගම ඉහළ විනිමය අනුපාත ලබා දී ඇති අතර එමඟින් බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට තම ගනුදෙනුකරුවන්ගෙන් විදේශ මුදල් මිලදී ගැනීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂණය වී තිබීම හේතුවෙන් මෙසේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (FEA) යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද උපදෙස් උල්ලංඝනය කිරීම යටතේ මෙම පියවර ගෙන තිබෙනවා.
එසේ හෙයින් 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි FEA හි විධිවිධාන යටතේ ප්‍රසන්න මුදල් හුවමාරු පුද්ගලික සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
Share This Article