රන් මිල ඉහළට - රත්තරන් අලෙවියද නවතී ?
Thursday, 31 March 2022 - 12:36 | Views - 4,365
පසුගිය දිනවල මෙරට රත්තරන් මිල දිනෙන් දින නොසිතූ ලෙස ඉහළටම පියඹා ගිය අතර,
මේ වන විට ශ්රී ලංකාව තුළ රත්රං සඳහා ආයෝජනය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් හා රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත්රං බාර්, බිස්කට්, හා කාසි ලෙස අලෙවිය හෙට්ටි වීදිය ආශ්රිතව තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර අද දිනයේ දී කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රත්රං පවුමක මිල රු. 205,000 ක් සහ කැරට් 22 රන් පවුමක මිල රු. 189,600 ක් ලෙසින් වාර්තා වී තිබුණ ද වැඩිදුරටත් අනාවරණය වුයේ එම මිලට ද රත්රං අලෙවියට කිසිදු ස්ථානයක් නොමැති බවයි.
Share This Article