දශක 05 කට පසු ඇරඹුණු ගුවන් ගමනට තහනමක්
Thursday, 31 March 2022 - 10:13 | Views - 853
දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාල සටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කළ අතර , එහිදී සිදු වූ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් අත් හිටුවා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙලෙස මගීන් 50 දෙනෙකුට ගමන් ගත හැකි මෙම පළමු ගුවන් ගමනට එක් මගියෙකු හෝ සහභාගී නොවීම මෙලෙස තහනමක් පැනවීමට හේතු වූ බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරුණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වුයේ නැහැ .

ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට නියමිතව තිබුණේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top