දශක 05 කට පසු ඇරඹුණු ගුවන් ගමනට තහනමක්
Thursday, 31 March 2022 - 10:13 | Views - 854
දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් පසුගියදා ආරම්භ කෙරුණා.
ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාල සටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කළ අතර , එහිදී සිදු වූ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් අත් හිටුවා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙලෙස මගීන් 50 දෙනෙකුට ගමන් ගත හැකි මෙම පළමු ගුවන් ගමනට එක් මගියෙකු හෝ සහභාගී නොවීම මෙලෙස තහනමක් පැනවීමට හේතු වූ බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරුණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වුයේ නැහැ .
ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට නියමිතව තිබුණේ.
Share This Article