රන් මිල දැවැන්ත ලෙස ඉහළට
Thursday, 31 March 2022 - 8:10 | Views - 2,400
මෙරට රන් වෙළෙඳපොළෙහි රන් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි, දැඩි රන් හිඟයක් පවතින බව ද වාර්තා වනවා.
අද (31) දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 200,000 ක් හා කැරට් 22 රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් රන් ආභරණ වෙළෙඳුන් පවසන්නේ දැඩි රන් හිඟයක් පවතින බැවින් එම මිල ගණන්වලට ද අලෙවියට රත්‍රං නොමැති බවයි.
අවශ්‍ය නම් පාරිභෝගිකයන් අවශ්‍ය රත්‍රං සපයන්නේ නම්, රන් ආභරණ සාදා දීමට පමණක් හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.
Share This Article