හිටපු ඇමති ආතාවුද සෙනෙවිරත්න දිවිගමනට සමු දෙයි
Thursday, 31 March 2022 - 7:45 | Views - 1,863
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනෙවිරත්න මහතා අද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ අරංචි මාර්ග සනාථ කලා කලා.

ආතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට පසුවූයේ 91 හැවිරිදි වියේ යි.

1989 වසරේ සිට 2015 වසර දක්වා වරින්වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ආතාවුද සෙනවිරත්න මහතා අවස්ථා ගණනාවක දී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

1954 වර්ෂයේ දී වර්ෂයේදී මොරාණ ගම් 12 පත්තු ගම් සභාවට තේරී පත්වීමෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 වර්ෂයෙදී යි.

ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ඔහු එවර පාර්ලිමේන්තු වරම් ලබා ගන්නේ එවකට රුවන්වැල්ල ආසනය නියෝජනය කළ පී.සී ඉඹුලාන මහතා පරාජය කරමින්.

ඉන්පසු සබරගමු පළාත් සභාවට තේරී පත්වන ආතාවුද සෙනවිරත්න මහතා එහි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළා.

ඉන් අනතුරුව 2000 වර්ෂයේ දී ඔහු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

1989 වර්ෂයේදී නැවත වරක් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ආතාවුද සෙනවිරත්න මහතා 2015 වසර වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කලා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top