අද අඳුරට යන්නේ මෙහෙමයි
Thursday, 31 March 2022 - 7:05 | Views - 3,595

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුවත් විදුලි කප්පාදුව දිගටම ක්‍රියාත්මක විය හැකි බව ආරංචි මාර්ග පවසනවා.
එසේම, හෙට දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, දෛනික විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටද අද දහවල් විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනු ලැබුවා.
ඔවුන් කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර අවධාරණය කළේ, බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත්, අලූත් අවුරුදු සමයේද ජනතාවට අඳුරේ සිටීමට සිදුවනු ඇති බවයි.
මේ අතර, දෛනික විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කරමින් පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 10 ක කාලයක් විදුලි කප්පාදු කිරීම අද සිට ක්‍රියාත්මකයි.
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල සංචිත අද වන විට සමස්තයක් වශයෙන් 27% දක්වා පහළ බැස තිබෙනවා.
මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය සඳහා ජල විදුලි නිෂ්පාදන දායකත්ව පවතින්නේ 13%ත් 14%ත් අතර අගයකයි.
ඒ අනුව සාමාන්‍යයෙන් 35% ක් වන මෙරට ජලවිදුලි උත්පාදනය මේ වනවිට හරි අඩකටත් වඩා වැඩි අගයකින් පහත බැස තිබෙනවා.
මේ හේතුවෙන් තාපවිදුලි බලාගාරවලින් සපුරාගත යුතු විදුලි ධාරිතාව ඉහළ ගියා.
නමුත් බලාගාර රැසකට ඞීසල්, දැවිතෙල් හා නැප්තා, සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් අද ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාවය මෙගාවොට් 800කට ආසන්නයි.
මෙවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව අද පැය 10ක විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඊයේ අවසර ලබාදුන්නා.
ජනාධිපති නිල නිවස සහ පාර්ලිමේන්තුව යන ස්ථානවල විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
කෙසේ වෙතත්, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ විදුලිය කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කලාපවලට විදුලි විසන්ධි නොකරන බවයි.
මේ අතර වස්කඩුව - මානන්ව ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්දි වූ අවස්ථාවේ දැල් වූ ඉටිපන්දමක් පෙරලීයාමෙන් ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් වයෝවෘද්ධ කාන්තාවක්, ඇගේ පුත්‍රයා, ඔහුගේ බිරිඳ සහ ලේලිය ද පිලිස්සුම් තුවාල ලබා තිබෙනවා.
ගින්නෙන් නිවසේ තිබූ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් විනාශ වී තිබුණා.
මේ අතර, අද සහ හෙට ඞීසල් ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ, ඊයේ පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක් නෞකාවෙන් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන්.
එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඞීසල් සැපයුම අඛණ්ඩව සිදු කරන බවයි ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙන්නේ.
දින තුනක පමණ කාලයක් මෙම තත්ත්වය පැවතිය හැකි බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, පෙට්‍රල් සැපයුමට බාධාවක් සිදු වී නොමැති බව එම සංස්ථාව දැනුම් දෙනවා.
මෙම තත්ත්වය යටතේ පසුගිය දිනවල එතරම් ඉන්ධන ඉල්ලූමක් නොපැවති අයි. ඕ.සී. ඉන්ධන පරවුම්හල් ඉදිරිපිට අද දිගු පෝලිම් දැකගත හැකි වුණා. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිටද අද දිනයේත් පෝලිම් පැවතියා.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල උණුසුම් තත්ත්ව දැකගත හැකිවුණු අතර ඇතැම් ස්ථානවල මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවලද නිරත වුණා.
ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවුම අසළින් බස් රථ හරස් කර බස් සේවකයින් සිදුකළ විරෝධතාව අද පස්වරුවේ අවසන් කළා. කුරුඳුවත්ත පොලීසිය ගැටලූවලට විසඳුම් ලබාදීමට මැදිහත්වීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වුණා.
බදුල්ල නගර මධ්‍යයේ මාර්ගයේ වාඩි වී ජනතාව ඉන්ධන ඉල්ලා විරෝධතාවක නිරත වුණා.
ඉන්ධන නොමැතිවීමත් සමඟ බහුදින ධීවර යාත්‍රා දහසක් පමණ මේ වනවිට ධීවර වරායන්වල නැංගුරම් ලා ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අයිස් ලබාගැනීමද විදුලි කප්පාදුවත් සමඟ ගැටළුවක් වී ඇති බවයි.
මේ අතර රජය විසින් ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය ණය ආධාර යටතේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට පැමිණීමට නියමිත අතර එය පැමිණෙන තුරු මෙම ඞීසල් තොගය මිලදී ගැනීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.
අදාළ ඞීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භාවිත කිරීමට නියමිතයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඉන්ධන සඳහා පවතින ඉල්ලූම 30% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.
මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීම හේතුවෙන් ඒ අසල දිගු බවුසර් පෝලිම් පැවතියා.
මේ අතර, ඕමාන ආධාර යටතේ මෙරටට ළඟාවූ ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700 ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගෑස් මිලදී ගැනීම සඳහා ද තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.
බලශක්ති අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්‍රය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා හෝටල් සඳහා ගෑස් සිලින්ඩර් කඩිනමින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා ගෑස් සමාගම් නියෝජිතයින් හරහා ප්‍රමුඛතාව ලබාදෙමින් ගෑස් සිලින්ඩර් ලබාදීමටයි.
එමෙන්ම, සංචාරක බස් රථ සඳහා ආසන්නයේම පිහිටි ශ්‍රී ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන ලබාදීමටත් එහිදී සැලසුම් කර තිබෙනවා.
මේ අතර, ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා.
Share This Article