රත්තරන් හරි ගණන්
Tuesday, 29 March 2022 - 15:49 | Views - 3,013
යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
මේ වන විට මෙරට රත්‍රං මිල ගණන් ද සීඝ්රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වන්නේ.
ඒ අනුව අද (29) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් යනුවෙන් සටහන්ව තිබුණු අතර ඊයේ දිනයේදී කැරට් 24ක රන් පවුමක මිල රු. 185,000 ක් යනුවෙනුයි සඳහන් වුණේ.
මේ අතර වෙළෙඳපොළේ දැඩි රත්‍රං හිඟයක් පවතින බව ද වැඩිදුරටත් සඳහන් වුණා.
කෙසේ වෙතත් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.
Share This Article