මෙරට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක - ඉහළ ස්ථානයක
Tuesday, 29 March 2022 - 14:10 | Views - 563
ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හෑන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ස්ටීව් හෑන්ක් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින ජවන උද්ධමන වේගය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට බලපෑම් කරන බවයි.

මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව සිදු කළ යුතු ප්‍රමුඛ කාර්යය ලෙස ඔහු නැවත වතාවක් අවධාරණය කරන්නේ, මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවට යි.

වර්ෂ 1884 සිට 1950 දක්වා එම ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවත් ඒ හරහා අතිශය සාර්ථක ප්‍රතිඵල මෙරට ආර්ථිකය විසින් නෙළා ගත් බවත් ඔහු සඳහන් කරනවා.

ස්ටීව් හෑන්ක් ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ ලොව වැඩිම උද්ධමන වේගයක් ඇති ලයිස්තුවේ 6 වන ස්ථානයේයි.

මෙම ලැයිස්තුවේ පළමු වන ස්ථානයේ වෙනුසුවේලාව පසු වන අතර ස්ටීව් හෑන්ක්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව එහි උද්ධමන වේගය 146%ක්.

දෙවන ස්ථානය සිම්බාබ්වේ රජය පසුවන අතර එහි උද්ධමන වේගය දැක්වෙන්නේ 134%ක් ලෙසින්.

ලෙබනනය මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන අතර එහි උද්ධමන වේගය 117%ක්.

පිළිවෙලින් තුර්කිය සහ සුඩානය මම ශ්‍රේණිගත කිරීමේ හතරවන සහ පස්වන ස්ථානවල පසු වන අතර 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය සටහන් වන්නේ 55% ක් ලෙසින්.

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ස්ටීව් හෑන්ක් අවසාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ 2022 වසරේ ජනවාරියේ දී මෙරට භාණ්ඩ හා සේවාවන් සඳහා පැවති මිල ගනන්.

මේ අතර මෙම ලැයිස්තුවේ ඒ ඒ රටවලට අදාළ මහ බැංකු හරහා නිකුත් කරන නිල උද්ධමන වේගයන්ද සටහන් කර ඇති අතර පසුගිය ජනවාරියේදී ස්ටීව් හෑන්ක් ගේ නිගමනයන් මෙරට උද්ධමනය වේගය 55%ක් වෙද්දී ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවන්හි එම අගය සටහන් කර ඇත්තේ 14.5%ක් ලෙසින් වීමත් විශේෂත්වයක්.

මීට අමතරව යුක්‍රේනය සමග යුධ ගැටුමකට මැදි වූ රුසියාව මෙම ලැයිස්තුවේ ශ්‍රේණි ගත කිරීම් වල පහළ පැමිණ ඇති අතර ඔවුන් රැඳී සිටින්නේ අටවන ස්ථානයේ යි.

රුසියාවේ උද්ධමන වේගය දැක්වෙන්නේ 44%ක් ලෙසින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top