ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් රැසක් වසා දැමෙයි
Tuesday, 29 March 2022 - 13:21 | Views - 471
නියමිත පරිදි ඉන්ධන තොග නොලැබීම හමුවේ මේ වන විට ඉන්ධන පිරිවුම්හල් රැසක් වසා දමා තිබෙනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම ඊයේ සිට දිගු ඩීසල් පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පෝලීම් හේතුවෙන් පිරවුම්හල් අවට මාර්ගවල රථවාහන ධාවන කටයුතුවලට ද බාධා මතුව තිබෙනවා.

පිරවුම්හල් වලින් පෙට්‍රල් ලබාදීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

එහෙත්, ඩීසල් තොග ලබගැනීම සදහා කොලොන්නාව පර්යන්තය වෙත ගිය බවුසර් රථ රැසක් ඩීසල් තොග නොලැබීම නිසා මේ වන විටත් කොලොන්නාව ගජබාපුර අංගනයේ ගාල්කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවා.

පවතින ගැටලුව සඳහා බලශක්ති අමාත්‍යවරයාගෙන් කඩිනම් විසදුමක් අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර, ඉන්දියානු ආධාර යටතේ තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වුනා.

ඉන්ධන ඉල්ලා අද පෙරවරුවේ පැවති විරෝධතාවක් හේතුවෙන් කොටුගොඩ - මිනුවන්ගොඩ මාර්ගය ඕපාත ප්‍රදේශයෙන් අවහිර වුනා.

ඉන්ධන ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ රාත්‍රීයේ ප්‍රදේශවාසීන් පිරිසක් කොට්ටාව මංසන්ධියේදීද විරෝධතාවක් නිරතවුනා.

මේ අතර, ගෑස් ලබාගැනීම සදහා ද තවදුරටත් ප්‍රදේශ රැසක දිගු පෝලිම් පවතිනවා.

පසුගිය 23 වනදා සිටි මේ දක්වා දිනකට සිලින්ඩර ලක්ෂය බැගින් වෙළදපොලට නිකුත් කිරීමට පියවර ගත් බවයි ලිට්රෝ සමාගම පැවසුවේ.

ගෑස් මෙටි්‍රක් ටොන් 3700ක් අඩංගු තවත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර සාම්පල වාර්තා ලැබීමෙන් අනතුරුව එහි ගෑස් ගොඩබෑම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top