රත්තරං මිල දැවැන්ත ලෙස ඉහළට
Monday, 28 March 2022 - 13:42 | Views - 2,076
යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
මේ වන විට මෙරට රත්‍රං මිල ගණන් ද සීඝ්රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වන්නේ.
ඒ අනුව අද (28) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් යනුවෙන් සටහන්ව තිබෙන අතර කැරට් 22ක රන් පවුමක මිල රු. 170,000 ක් යනුවෙනුයි සඳහන් වන්නේ.
මේ අතර වෙළෙඳපොළේ දැඩි රත්‍රං හිඟයක් පවතින බව ද වැඩිදුරටත් සඳහන් වුණා.
කෙසේ වෙතත් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.
Share This Article