ඩොලරය තවත් ඉහළට
Monday, 28 March 2022 - 12:17 | Views - 2,671
මහ බැංකුව විසින් අද (28) දිනයේ දී නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300ට ආසන්නත ම අගයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව අමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.74ක් ලෙස සටහන් වන අතර, විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 298.99ක් ලෙසයි.
යුරෝ ගැනුම් මිල රුපියල් රුපියල් 319.50ක් ලෙසත්, එහි විකුණුම් මිල රුපියල් 330.75ක් ලෙසත් සටහන් වුණා.
බ්‍රිතාන්‍ය පවුමක අගය ගැනුම් මිලෙහි දැක්වුණේ රුපියල් 380.66ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 395.07ක් ලෙස දැක්වුණු අතර, යෙන් ගැනුම් මිල රුපියල් 2.35ක් වුණා.
අද දිනයේ දී රුපියල් 2.45කටයි යෙන් විකුණුම් මිල ලෙස සටහන් වූයේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 299 ක් ලෙස එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබෙනවා.
Share This Article