පෝලිමේ පස්වැනි මරණයත් වාර්තා වෙයි
Monday, 28 March 2022 - 11:33 | Views - 852
තෙල් පෝලිමේ සිටියදී සිදුවූ තවත් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්රදේශයේ ඉන්ධන පෝලිමක ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් රැඳී සිටි පුද්ගලයෙක්.
පසුගිය සෙනසුරාදා මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බවයි හදිසි මරණ පරීක්ෂණ යෙදී හෙළි වී ඇත්තේ .
පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙලෙස ඉන්ධන පෝලිමේදී මියගිය පුද්ගලයා අසූ පස් වැනි වියේ පසු වන්නෙක්.
ඔහු අතුරුගිරිය ප්රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article