විල් ස්මිත්ගෙන් කනේ පාරක් (Video)
Monday, 28 March 2022 - 10:51 | Views - 414
තම බිරිඳ පිළිබඳ නුසුදුසු ප්‍රකාශයක් කිරීම හේතුවෙන්, සුපිරි නළු විල් ස්මිත් ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට පහර දී ඇති බව වාර්තා වනවා.

වේදිකාව මත දී ම මෙම පහර දීම සිදු කර ඇති අතර, ක්‍රිස් රොක් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, විල් ස්මිත්ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත්ට යි.

ජී.අයි.ජේන් නමැති තිරගත වීමට නියමිත චිත්‍රපටයේ සිටින නිළියගේ තට්ට කොණ්ඩය විල් ස්මිත්ගේ බිරිඳගේ කොණ්ඩයට සමාන කොට විහිළුවක් කිරීම යි මෙම පහර දීමට හේතු වී ඇත්තේ.

ආරංචි වන පරිදි විල් ස්මිත්ගේ බිරිඳට හිස කෙස් වැටීමේ රෝගයක් තිබෙන බවත් එවැනි විහිළුවක් තුළින් ඇය තවදුරටත් මානසික ව වැටිය හැකි බවත් විල් ස්මිත් පවසනවා.

කෙසේ වෙතත් විල් ස්මිත් රසිකයන්ගෙන් හා එතැන සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මේ අතර, හොඳම නළුවා ලෙස විල් ස්මිත් අද දින සම්මානයට පාත්‍ර වුණා.

ඒ ''කින්ග් රිචඩ්'' චිත්‍රපටිය වෙනුවෙන්.

මේ අතර, ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී දැන් (28) පැවැත්වෙන 94 වන ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා ලෙස ට්‍රෝයි කොට්සූර්, කෝඩා චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගෙන තිබෙනවා.

එමෙන්ම හොඳම සහය නිලිය ලෙස අරියානා ඩෙබෝස්, වෙස්ට් සයිඩ් ස්ටෝරි චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී කාණ්ඩ 23ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිත අතර, හොඳම චිත්‍රපටය සඳහා චිත්‍රපට 10 ක් නිර්දේශ වී තිබෙනවා.

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසින් ජේන් කැම්පියන් සම්මාන දිනා ගත්තේ, පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටිය වෙනුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම උළෙලේ දී හොඳම චිත්‍රපටිය ලෙස සම්මානය හිමිකර ගත්තේ කෝඩා චිත්‍රපටියයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top