අලුත් අවුරුදු සමයෙන් පසු ඉන්ධන ගැටළුව මග හැරෙන ඇති - බලශක්ති ඇමති
Monday, 28 March 2022 - 9:12 | Views - 1,033
අලුත් අවුරුදු සමයෙන් පසු ඉන්ධන ගැටළුව මග හැරෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු කියා සිටියේ අද (28) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, දිවයිනේ තවදුරටත් ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි ඉන්ධන තොග ලැබී නොමැති බවටයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

කොළඹින් පිට පළාත්වල පවතින ඇතැම් ඉන්ධනහල් තවමත් වසා දමා ඇත්තේ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන්.

මේ අතර, ගෑස් සිලින්ඩර් ලක්ෂ 7ක් වෙළදපොළට අද සිට බෙදා හැරීම ආරම්භ කරන බවයි ලිට්රෝ සමාගම කියා සිටියේ.

එමෙන්ම, අද දිනයේදී ද ඒ සිට එල් දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 6 දක්වා පැය 3යි විනාඩි 20 බැගින් ද පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40ක් බැගින් ද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා කලාප වලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15 බැගින් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 බැගින් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top