අලුත් අවුරුදු සමයෙන් පසු ඉන්ධන ගැටළුව මග හැරෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
ඔහු කියා සිටියේ අද (28) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, දිවයිනේ තවදුරටත් ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි ඉන්ධන තොග ලැබී නොමැති බවටයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
කොළඹින් පිට පළාත්වල පවතින ඇතැම් ඉන්ධනහල් තවමත් වසා දමා ඇත්තේ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන්.
මේ අතර, ගෑස් සිලින්ඩර් ලක්ෂ 7ක් වෙළදපොළට අද සිට බෙදා හැරීම ආරම්භ කරන බවයි ලිට්රෝ සමාගම කියා සිටියේ.
එමෙන්ම, අද දිනයේදී ද ඒ සිට එල් දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 6 දක්වා පැය 3යි විනාඩි 20 බැගින් ද පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40ක් බැගින් ද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.
එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා කලාප වලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15 බැගින් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 බැගින් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.