පවතින වියළි කාලගුණයෙන් දරුවන්ට බලපෑමක් ? (Video)
Sunday, 27 March 2022 - 15:32 | Views - 1,586
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් පිළිබඳව සැළකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මේ දිනවල වතුර පානය වගේම නිතරම දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට ලබා දීම බෙහෙවින්ම යෝග්‍ය බවයි.
එසේම උණ කැස්ස වැනි රෝගයන්ට බියක් නොවී දිනකට දෙවරක් වුවද නෑම ඉතාමත් සුදුසු වන බව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියා.
Share This Article