අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන තුරු යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු නොකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දි දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
වර්තමානය වනවිට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 40 කට ආසන්න පිරිවැයක් වැයවන අතර, පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන්නේ අඩකටත් වඩා අඩු මිලකටයි.
මෙම තත්වය හමුවේ තවදුරටත් විදුලි නිෂ්පාදනය පවත්වාගෙන යෑමට පිරිවැයට සාපේක්ෂව මිල ඉහළ නැංවීමක් සිදුකළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විදුලිබල මණ්ඩලයෙන් මිල ඉහළ නැංවීමේ යෝජනා කැඳවූ අතර, එය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වෙමින් පවතින අතර, අවසන් ප්‍රතිශතයන් පිළිබඳව තීරණය කර නැහැ.
එමෙන්ම ජල ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවක් ද ජල සම්පාදන මණ්ඩලය විසින් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපයේදී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බව සඳහන්.
මේ අතර දුරකථන ඇමතුම් සහ දත්ත පරිහරණ ගාස්තු ඉහළ නැංවීමට දුරකථන සමාගම්වලින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වුණා.