අදත් වැසි සහිත කාලගුණයක්
Sunday, 27 March 2022 - 10:50 | Views - 1,017
උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අද (27) සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article