හිරු දිනූ රයිගම් ටෙලීස් සම්මාන - සහෘද ප්‍රේක්ෂක ඔබ හිරු ටීවී අප වෙත තැබූ විශ්වාසයට හිරු ටීවී උත්තමාචාරය! (Video & Photos)
Sunday, 27 March 2022 - 7:19 | Views - 820
රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී 2020 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ හිරු ප්‍රවෘත්ති විකාශය යි.

ඊයේ (26) රාත්‍රියේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී මෙම උත්සවය පැවැත්වුණු අතර, වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක සහ නිවේදිකා සම්මාන ද්විත්වයම හිරු ප්‍රවෘත්ති වෙත හිමිවෙද්දී, එම සම්මාන ද්විත්වයට පිළිවෙළින් පාත්‍ර වූයේ බුද්ධි ධනුක අබේසිංහ සහ උත්පලා රත්නායකයි.

එමෙන්ම 2021 වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන ලෙසින් හිරු ටී.වී. ''දිනන ළමයි'' ක්‍රීඩා වැඩසටහන සම්මාන හිමි කරගත්තා.

එහිදී එම සම්මානයට පාත්‍ර වූයේ ළහිරු දුෂ්මන්ත සහ අෂාන් ප්‍රනාන්දු යි.

එහිදී 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විශේෂාංගයට හිමි සම්මානය හිමි වූයේ ද ''හිරු CIA'' වෙතයි.

වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස හිරු ස්ටාර් සම්මාන ලබද්දී, 2021 වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය වූයේ නත්තල් සීයා යි.

හිරු සුපර් ඩාන්සර් සීසන් 03 වැඩසටහන වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තා.

සැමදා නවීකරණය වූ උසස් තාක්ෂණය සමග මුසුවෙමින් ප්‍රේක්ෂකයාට නිවැරදි තොරතුරු ලබාදෙමින්, මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම , උසස් රසවින්දනයක් උදෙසා උපරිම මාධ්‍ය මෙහෙවර කරමින් හිරු ටීවී මේ ලද සම්මාන රැසට ම හේතුව ප්‍රේක්ෂක ඔබගේ ආදරය සහ විශ්වාසයයි.

සහෘද ප්‍රේක්ෂක ඔබ හිරු ටීවී අප වෙත තැබූ විශ්වාසයට හිරු ටීවී උත්තමාචාරය !.. 




















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top