දේශපාලනය නිසා හිඟමනට වැටුණු රාජ්‍ය අමාත්‍යවරයා
Friday, 25 March 2022 - 10:11 | Views - 317
වෙන කවරදාටත් වඩා අද වන විට දේශපාලඥයා සමාජයේ ගැරහුම් ලබන තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය රාජභාෂා අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.

උපකාරක පන්ති ගුරුවරයකු ලෙස එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා තියෙනවා.

එදා මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට වැන්දා, අද මේ ශිෂ්‍යයෝ ම ඇතැම් වෙලාවට මගෙන් අහනවා සර් මොකක්ද මේ කරගත්තේ කියලා.

මට එදා යහමින් මිල මුදල් තිබුණා.

නමුත් අද දේශපාලනයට ඇවිල්ලා මං ඒ දේවල් නැති කරගෙන තියෙනවා.

මෙලෙස අදහස් දැක්වූයේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩියි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නවක හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 175 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

මෙම උත්සවය නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවනාගාරයේ දී ඊයේ පැවැත්වුණා.

මෙහිදී සාමාන්‍ය සර්වාංග වෛද්‍යවරුන් 46 දෙනකුට ලියාපදිංචි සහතික පත්‍ර පිරිනැමුණු අතර අක්ෂි රෝග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ප විෂ, මානසික රෝග, ගෙඩි වන,
සහ දැවුම් පිළිස්සුම් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් 129 ක් සඳහා ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පිරිනැමුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top