උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි යි.
උදෑසන කාලයේ දී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වෙනු ඇති.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවගෙන් ඉල්ලා සිටින්නේ.