තවත් භයානක රෝගයක හෙළිදරව්ව
Thursday, 24 March 2022 - 11:26 | Views - 10,479
ශරීරය පුරා බාහිරව මෙන් ම අභ්‍යන්තරවත් ගැටිති හා ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිවන 'නියුරෝෆයිබ්‍රොමැටොසිස්' (neurofibromatosis) රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා පවසනවා.

රට පුරා විසිර සිටින මෙම රෝගීන් පිළිබඳව නිසි සංගණනයක් හෝ රෝගය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන නැතැයි හෙතෙම චෝදනා කළේ ය.

අවම වශයෙන් ශ්‍රී ලංකාවේ එම රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි සෞඛ්‍ය අංශ සොයා බලා නැතැයි ද ඔහු කියා සිටියේ ය.

තැලසීමියා රෝගය පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම්වලට වඩා වැඩි ඉඩක් මෙම රෝගය පිළිබඳව දැනුවත් කිරීමට ලබා දිය යුතු යැයි කී විශේෂඥ වෛද්‍ය ඩුලිප් පෙරේරා ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ, තැලසීමියා රෝගය මෙන් ම නොව නියුරෝෆයිබ්‍රොමැටොසිස් රෝගයේදී මව ත්, පියා ත් දෙදෙනාට ම හෝ එක් අයෙකුට හෝ මෙම රෝගය තිබුණහොත් දරුවන් සියලු දෙනා අනිවාර්යයෙන් රෝගීන් බවට පත්වන බව යි.

මෙය ස්නායු හා සම්බන්ධ රෝගයක් වන අතර එහිදී ස්නායු ගැට ගැසෙමින් විශාල වෙමින් පවතින බව ත් කපා ඉවත් කිරීමට හැකියාව ඇති ගැටිති මෙන් ම එසේ ඉවත් කළ නොහැකි ගැටිතිත් පැවතිය හැකි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ගැටිති ශරීර මතුපිට මෙන් ම ශරීරය තුළ ඕනෑ ම ග්‍රන්ථියක ඇතිවිය හැකි බව ද සඳහන් වුණා.

ප්‍රමුඛ ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මෙම රෝගයේ ලක්‍ෂණ දරුවන් බාල කාලයේ නොපෙනී තිබුණත් වයසින් වැඩෙත් ම රෝග ලක්‍ෂණ මතු වන බවත් වැඩිදුරටත් සඳහන්.

විශේෂයෙන් මෙවන් තරුණ තරුණියන් විවාහ වූ පසු දරුවන් බිහි නොකළ යුතු යැයි ද එයින් සිදුවන්නේ මෙම රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යැයිද ,මෙවන් රෝගීන්ට දරුවන් සාදා නොගන්නා ලෙසට වෛද්‍යවරු අනිවාර්යයෙන් ම අවවාද කළ යුතු යැයි ද වෛද්‍යවරයා අවසාන වශයෙන් පවසා සිටියා.


උපුටා ගැනීම - මවුබිම 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top