ඉදිරි දින දහය තුළ ගෑස් පෝලිං නැත්තටම නැති කරනවා - ලිට්‍රෝ සභාපති
Thursday, 24 March 2022 - 10:53 | Views - 4,208
මේ වන විට සිය සමාගමට අඛණ්ඩව ගෑස් සැපයුම් සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

හෙට දිනයේ සහ සඳුදා දිනයේ ගෑස් තොග රැගත් තවත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එම ගෑස් තොග ලැබීමත් සමග ඉදිරි දින 10ක කාලය තුළදී ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති වරයා පවසා සිටියේ.

ඒ අනුව මේ වන විට වෙළෙඳ පොළ තුළ මතුව ඇති ගෑස් හිගය පහව යනු ඇති බවත් ගෑස් පෝලිං නැති වී යනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.

සාමාන්‍යයෙන් මෙරට දෛනික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර අසූ දහසත් - ලක්ෂයත් අතර ප්‍රමාණයක් නිකුත් කළ යුතුව තිබෙනවා.

නමුත් වරින්වර ලිට්රෝ සමාගමට අවශ්‍ය ගෑස් තොග නොලැබීම හේතුවෙන් මෙම සැපයීම් අඛණ්ඩව සිදු කිරීමට නොහැකි වූ අතර ඒ නිසාවෙන් වෙළඳපොල තුළ විශාල ගෑස් හිගයක් නිර්මාණය වුණේ බරපතළ ආර්ථික පීඩාවන්ට ලක් ව සිටින ජනතාව තව තවත් පීඩනයට ලක් කරමින්.

මීට අමතරව මෙරට ගෑස් වෙළඳපලේ 20% ක පමණ භාරයක් දරණ ලාෆ් ගෑස් සමාගම ද පසුගිය මාස 4 ක පමණ කාලය තුළ වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමෙන් වැලකී සිටියේ ඔවුන්ට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ඩොලර් නොමැතිවීම හේතුවෙන්. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top