අද අඳුරට යන්නේ මෙහෙමයි
Thursday, 24 March 2022 - 8:25 | Views - 1,152
අද දිනයේදී ඇතැම් ප්රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.
P සිට W දක්වා කලාප 08 කට අද පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.
Share This Article