ඩොලරය 300 ට යන හැඩ (Video)
Thursday, 24 March 2022 - 7:51 | Views - 1,613
රුපියල පා කිරීමට පසුගියදා මහ බැංකුව පියවර ගැනීමෙන් පසු ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ වැඩිම අවප්‍රමාණය ඊයේ වාර්තා වුණා.

මහබැංකු විනිමය අනුපාතිකයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල 284යි ශත 31 ක් දක්වා අවප්‍රමාණය වී තිබූ අතර වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාත යටතේ ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 285ත් 299ත් අතර අගයකයි.

එවන් පසුබිමක අමානා ටාකාෆුල් බැංකුවේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 299ක් ලෙස දැක්වුණා.

එම බැංකුවේ කුවේට් ඩිනාරයක අගය ඊයේ රුපියල් 1000 ඉක්මවා ගිය අතර, එහි අගය දැක්වුණේ රුපියල් 1014ක් ලෙසයි.

එසේම, පසුගියදා ඉන්දියාව ලබා දුන් ණය ආධාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ප්‍රණාමය පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා නිල දැනුම්දීමක් මගින් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර ඇති බවයි.

මේ අතර, එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර, මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට ද එමගින් අපේක්ෂිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top