අද (22) දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී හා ඩබ්ලිව් යන කලාපවලට උදෑසන 9ත්, පස්වරු 5ත් අතර පැය 2යි මිනිත්තු 40ක් විදුලිය කප්පාදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
එසේම එම කලාපවලට පස්වරු 5ත්, රාත්රී 9ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ද අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිසම ප්රකාශ කළේ.
මේ අතර, ඒ, බී, සී, සී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ හා එල් යන කලාපවලට හෙට (23) දිනයේ පෙරවරු 8ත්, පස්වරු 6ත් අතර පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6ත්, 11ත් අතර පැයයි, මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී තිබෙනවා.