තවත් ගිවිසුම් තුනක් ?
Tuesday, 22 March 2022 - 10:18 | Views - 1,521
ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 03ක් සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළි කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ ප්‍රකාශ කළේ, අදාළ ගිවිසුම් තුන සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුවට සහ රටේ මහජනතාවට දැනුම්දීම සිදු කිරීම රජයේ වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (22) පෙරවරුවේ යොමු කර තිබෙනවා.

උන්වහන්සේ සඳහන් කළේ, දෙරට අතර ගිවිසුම් තුන ම අත්සන් කිරීමට මේ වනවිට රාජ්‍යයන් දෙකම සූදානමින් පසුවන බවට ඉන්දීය හින්දුස්ථාන පුවත්පත මගින් ද වාර්තා කර තිබූ බවයි.

එමෙන්ම පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය අතරතුර මෙරට මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් අත්සන් තැබූ ඉන්දීය ගිවිසුම පිළිබඳ ව ද මෙතෙක් රටට හෙළි නොකළ බව පෙන්වා දුන් ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ, එම ගිවිසුම මගින් ප්‍රතිඵලයක් ලෙස හිමිව ඇත්තේ ඩොලර් බිලියනයක මූල්‍ය ණයක් බවයි.

එමෙන්ම හිටිහැටියේම චීනය සහ ශ්‍රී ලංකාව අතර මෙරට විවිධ වටිනා ස්ථාන බිල්ලට තබමින් අත්සන් කරන්නට යෙදෙන ගිවිසුම් රටට අයහපතක් වන ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් රට උදෙසා පෙරමුණට පැමිණීමට තමන් සූදානම් බව ද උන්වහන්සේ සඳහන් කළා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top