හිරු දිනූ - සම්මාන
Tuesday, 22 March 2022 - 8:55 | Views - 345

මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන 11ක් දිනා ගැනීමට හිරු එෆ්.එම්. හි සහෝදර නාලිකා 3ක් වන ගෝල්ඩ් එෆ්.එම්., සන් එෆ්.එම්. සහ සූරියන් එෆ්.එම්. සමත් වුණා.
සම්මාන උළෙල ඊයේ පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ ජාතික උරුමයන් පිළිබද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍යයේ හොඳම ප්‍රවෘත්ති සංස්කාරකවරයාට හිමි සම්මානය දිනා ගැනීමට ගෝල්ඩ් එෆ්.එම්. හි සචින්ද්‍ර ජයසුන්දර සමත් වුණා.
එම නාලිකාවේම සැන්ඩ්‍රෝ සත්‍යජිත් ඉංග්‍රීසි මාධ්‍ය හොඳම ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනා ගත් අතර, ඉංග්‍රීසි මාධ්‍යයේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගත්තේ ගෝල්ඩ් එෆ්.එම්. හි පුන්ශානි එදිරිසිංහයි.
මීට අමතරව ගෝල්ඩ් එෆ්.එම්. හි ද ඊවිනින් ඩ්‍රයිව් වැඩසටහන හොඳම සවස වැඩසටහන බවට පත් වූ අතර ඒ වෙනුවෙන් ෂෙවෝන් පෙරේරා සහ දිල්ශාන් මයිකල් සම්මාන දිනා ගත්තා.
හොඳම සාකච්ඡාමය වැඩසටහන සඳහා සම්මාන හිමි කර ගත්තේ ගෝල්ඩ් එෆ්.එම්. හි සොහාන් ප්‍රනාන්දු සහ ජිමි ඩීන්.
හොඳම ගුවන් විදුලි නිවේදකයා ලෙස ෂෙවොන් පෙරේරා සම්මාන දිනා ගත් අතර හොදම ගුවන් විදුලි නිවේදිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ගෝල්ඩ් එෆ්.එම්. වැඩසටහන් අංශයේ මොනික් විලි. ඒ, වයින්ඩ් ඩවුන් වැඩසටහන වෙනුවෙන්.
මේ අතර, හොඳම ප්‍රචාරක පටයට හිමි සම්මානය සන් එෆ්.එම්. හි ආබිඩ් අමාන් දිනා ගත්තේ සන් එෆ්.එම්. සුපර් ඩැඩ් වැඩසටහන වෙනුවෙන්.
එසේම හොදම සංගීත වැඩසටහන ලෙස සන් එෆ්.එම්. හි ස්ලෝ ෆ්ලෝ සන්ඩේ වැඩසටහන වෙනුවෙන් ආබිඩ් අමාන් ඊයේ (21) පැවති ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී යළි සම්මානයට පාත්‍ර වුණා.
මීට අමතරව 2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ දෙමළ මාධ්‍යය හොදම ප්‍රවෘත්ති සංස්කාරකවරයාට හිමි සම්මානය මුරුගේෂන් සදීප් කුමාර් විසින් දිනා ගත්තා.
Share This Article