ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Monday, 21 March 2022 - 14:24 | Views - 870
ඉන්ධන පෝලිමක සිටිය දී මියගිය සිවුවැනි පුද්ගලයාගේ මරණය අද වාර්තා වූයේ මීරිගම ප්රදේශයෙන්.
මීරිගම ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි පුද්ගලයෙකු තමන් ලබාගත් ඉන්ධන බූලි ත්රී රෝද රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී ඔහු පිරවුම්හල් පරිශ්රය තුළ ම ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා ඉන්ධන බූලි තුනක් රැගෙන පිරවුම්හලට පැමිණ ඇති අතර ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරු ව එයින් දෙකක් ත්රිරෝද රථයට පටවා තුන් වැනි ඉන්ධන බූලිය පැටවීමට යාමේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.
මෙලෙස ඉන්ධන පිරවුම්හල් පරිශ්රය තුළ ඇදවැටුණු පුද්ගලයා වහාම මිරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම ප්රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.
මේ වන විට ඉන්ධන පෝලිම් ආශ්රිතව මරණ හතරක් වාර්තා වන අතර ඉන් තුනක්ම ඉන්ධන පෝලිමේ රැඳී සිටිය දී ඇදවැටීමෙන් සිදු වූ මරණ වන අතර එක් මරණයක් සිදු වූයේ ඉන්ධන පෝලිමක ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සිදු වූ තියුණු අවි ප්රහාරයක් හේතුවෙන්.
Share This Article