ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Monday, 21 March 2022 - 14:24 | Views - 871
ඉන්ධන පෝලිමක සිටිය දී මියගිය සිවුවැනි පුද්ගලයාගේ මරණය අද වාර්තා වූයේ මීරිගම ප්‍රදේශයෙන්.

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි පුද්ගලයෙකු තමන් ලබාගත් ඉන්ධන බූලි ත්‍රී රෝද ‍රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී ඔහු පිරවුම්හල් පරිශ්‍රය තුළ ම ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා ඉන්ධන බූලි තුනක් රැගෙන පිරවුම්හලට පැමිණ ඇති අතර ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරු ව එයින් දෙකක් ත්‍රිරෝද රථයට පටවා තුන් වැනි ඉන්ධන බූලිය පැටවීමට යාමේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.

මෙලෙස ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රය තුළ ඇදවැටුණු පුද්ගලයා වහාම මිරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.

මේ වන විට ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ හතරක් වාර්තා වන අතර ඉන් තුනක්ම ඉන්ධන පෝලිමේ රැඳී සිටිය දී ඇදවැටීමෙන් සිදු වූ මරණ වන අතර එක් මරණයක් සිදු වූයේ ඉන්ධන පෝලිමක ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සිදු වූ තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top