ඩොලරය තවත් ඉහළට
Monday, 21 March 2022 - 13:55 | Views - 2,370
බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 280ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම ඇතුළු මෙරට ආර්ථික කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇති.

දිවයින පුරා ගෑස් බෙදා හැරීම යම් මට්ටමකට සිදු වුව ද තවමත් එය පාරිභෝගික අවශ්‍යතාවය සපුරා ලීමට ප්‍රමාණවත් වී නැහැ.

ලිට්රෝ සමාගම පවසන්නේ මීට දින පහකට පෙර මෙරටට ගොඩබෑ ගෑස් මෙටි්‍රක් ටොන් 3500 තොගය මේ වනවිට අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත් අද දිනයේ එම සමාගම සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට නිකුත් කළා.

ලිට්රෝ සමාගම මඟින් ඔහුගේ ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන ඕමාන් සමාගමෙන් ආනයනය කළ තවත් ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද මෙරටට ලඟා වීමට නියමිතව තිබෙනවා.

යම් හෙයකින් මෙම නෞකාවේ ගෑස් තොග ගොඩබෑම ප්‍රමාද වුව හොත් ගෑස් හිඟය තවදුරටත් උග්‍ර විය හැකියි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලිට්රෝ සමාගමෙන් විමසීමක් කළ අතර එම සමාගම පවසන්නේ අදාළ නෞකාවට ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම නෞකාවේ අඩංගු ගෑස් අද හෝ හෙට ගෙඩබෑම සිදු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ අතර අද දිනයේත් ගෑස් නොමැති වීමෙන් ජනතාව දිගු පෝළිම් වල රැදී සිටින අයුරු නිරීක්ෂණය වුණා.

මහරගම - නාවින්න ප්‍රදේශයේ පිරිසක් හයිලෙවල් මාර්ගය විනාඩි 15ක පමණ කාලයක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ ගෑස් නොමැතිවීමට විරෝධය පළ කරමින්.

මේ අතර ඉන්ධන නොමැති වීමෙන්ද ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

නිට්ටඹුව - හොරගොල්ල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු ඝාතනය කළ ත්‍රිරෝද රථ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයෙන් පලායාම සඳහා ඇඳුම් බෑගයක්ද රැගෙන යමින් සිටියදී නිට්ටඹුව නගරයට ආසන්නයේ දී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ඉන්ධන ලබාගැනීමට පැමිණි 76 හැවිරිදි පුද්ගලයෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී ද මීට පෙර ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයින් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්ව හේතුවෙන් මියයාමේ පුවත් වාර්තා වුණා.

එමෙන්ම වාද්දූව මන්සන්ධියේ ගෑස් අලෙවිසැලක් ඉදිරිපිට පෝලිමක රැදී සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද පෙරවරුවේ සිහිසුන් ඇද වැටීමෙන් පානදුර රෝහලට ඇතුළත් කර තිබුණා.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි සති තුනක කාලසීමාවක් සඳහා තවත් ඉන්ධන මෙටි්‍රක් ටොන් 90,000ක් මෙරටට ආනයනය කර ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top