SJB - විශේෂ තීරණයක
Monday, 21 March 2022 - 13:34 | Views - 501
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනිද්දා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
රට තුළ මතුව ඇති අර්බුද විසඳීම සඳහා රජය ගන්නා ක්රියාමාර්ග පිළිබඳව පැහැදීමක් නො මැති වීම මීට හේතුව බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක සඳහන් කළේ.
මෙම සමුළුවට සහභාගි නොවන බව ජාතික ජනබලවේගයද ඊයේ ප්රකාශ කළා.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කරන ලද ඉල්ලීමකට අනුව මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළා.
Share This Article