පාකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
Monday, 21 March 2022 - 11:41 | Views - 1,216
පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නවාස් පිල මගින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් මෙම විශ්වාසභංගය පසුගිය අටවනදා ඉදිරිපත් කරනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඊ ඉන්සාෆ් රජය රටේ ආර්ථික අර්බුදයට සහ ඉහළ යන උද්ධමනයට වගකිව යුතු බවට චෝදනා කරමින්.
මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙනු ඇති බව අපේක්ෂිතයි. අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාස භංගය අනිද්දා පාකිස්ථාන ජාතික සභාවේදී විවාදයට ගෙන ලබන 28 වනදා ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
Share This Article