අච්චු ගැසීම පාලනය නොකළහොත් - අනාගතයේ උද්ධමනකාරී තත්ත්වයක්
Monday, 21 March 2022 - 10:26 | Views - 2,786
රජය පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආධාරක වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරමින් විධිමත් ඉල්ලීමක් යවා ඇති බව වාර්තා වනවා.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමුකර ඇති ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මස මැද භාගයේ ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී වෙත පැමිනෙන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම්ට රජයේ සුදා සූදානම් බවයි.

මෙම ලිපිය හරහා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම් සඳහා ඉල්ලීම් ද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදු සිදුකර ඇති අතර, ඊට අමතරව මෙම සංචාරය අතර තුරදී මුදල් අමාත්‍යවරයා ලෝක බැංකු නිලධාරීන් හමු වී වීමේ සූදානමක් ද ඇති බව වාර්තා වනවා

භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කරන ලද මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර හරහා යොමු කර ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සිදුකල විශේෂ ප්‍රකාශයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිය රජය සාකච්ඡාවන්ට එළැඹීමට අදහස් කර ඇති බව ප්‍රකාශ කළා.

ඒ මෙරට දින තුනක සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිෆික් කලාපයේ විධායක අධ්‍යක්ෂවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

“එම සාකච්ඡා හරහා අපගේ වාර්ෂික ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර යනාදිය ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවලින් අනතුරුව එහි වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මම තීරණය කළා” යැයි ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රකාශයෙන් අනතුරුවයි

කෙසේ වෙතත් මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් තනතුරු භාර ගැනීමෙන් අනතුරුව ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුවේ මතුව ඇති මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා දේශීය ක්‍රමෝපායන් භාවිතා කරමින් පිළිතුරු සෙවිය යුතු බවටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මූල්‍ය අරමුදල වෙත නොගොස් සිය ගැටළු විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු මහබැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථීක සැලසුම් සම්බන්ධයෙන් සය මාසික මාර්ග දැක්මක්ද ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එම මාර්ග දැක්මේ ඉදිරිපත් කළ කිසිදු ඉලක්කයක් මේ වනතුරු සපුරාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබී නැහැ.

ශ්‍රී ලංකාව මේ වසරේ අග භාගය වනවිට තවත් ඩොලර් බිලියන 7ක විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති අතර 2023 සහ 2026 වර්ෂ අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරයට ගෙවිය යුතු මුළු ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 25 කට අධිකයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් කියා සිටියේ ශ්‍රී ලංකාව පැහැදිලිවම දිනෙන් දින වැඩිවන ආර්ථික ගැටලු කරා මුහුණ දෙමින් සිටින රාජ්‍යයක් බවයි.

දිනෙන් දින උග්‍ර වන ආර්ථික ගැටළු විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන විශ්වසනීය උපායමාර්ගයක් ‍ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බවත් ඔහු අවධාරණය කළා.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙරී රයිස් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවයි.

“නමුත් ශ්‍රී ලංකාව සඳහා ඇති සියලු විකල්ප සාකච්ඡා කිරීමට අපි සූදානම් බව මට ඔබට පැවසිය හැකිය”යනුවෙන් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන පාලනයකින් තොර මුදල් මුද්‍රණය හේතුවෙන් මෙරට "අතිධාවන උද්ධමනයක ට" මුහුණ දී ඇති බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මුදල් මුද්‍රණය පාලනයට පියවර නොගත හොත් නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාව තුළ "ජවන උද්ධමනකාරී" තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ මේ වන විට රට තුල පවතින බවත් උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා රු. මිලියන 188,610 ක් මුද්‍රණය කර ඇති අතර එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ 9,9268 ක් බැගින් අච්චු ගැසීමක්.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වරින් වර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මුදල් මුද්‍රණය හරහා බඩු මිල වැඩි නොවන බවයි.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති තනතුරට පත්වීමෙන් පසු පමණක් රු. ලක්ෂ 4,156,100 ක් මුදලක් මුද්‍රණය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (18) මුද්‍රණය කළ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 21 දක්වා) මුද්‍රණය කර ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) ක්.

එය 1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල සියලු රජයන් මුද්‍රණය කළ මුදල මෙන් 23 ගුණයක්.

මේ රජය බලයට පත්වූ විගස සිදුකළ බදු අයකිරීමේ ක්‍රමවේදයේ වෙනස හරහා රටේ ඉහළම පෙළේ ව්‍යාපාරික පැලැන්තියට ඉතා විශාල ප්‍රමාණයේ බදු සහනයක් හිමි වූ අතර ඒ හරහා රජයට අහිමිව ගිය ආදායම බිලියන ගණනාවක්.

මේ හේතුවෙන් රටේ ප්‍රමුඛතම දේශීය ආදායම් මාර්ගයක් බිඳ වැටුණු අතර ඒ හරහා මහ බැංකුවේ මුදල් ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත් වැටීම ද සිදු කෙරුණා.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව 1980 දශකයේ ආජන්ටිනාව, බ්‍රසීලය ආදී රටවල දක්නට ලැබුණු ආකාරයේ ‘අතිධාවන උද්ධමනයකට‘ මුහුන දෙමින් සිටින බවත් ඉන්දුනීසියාව, සිම්බාබ්බේ රාජ්‍යයන් හි මුල්‍ය අර්බුදයේ මුලික ස්වරූපය ලංකාවේ මේ වන විට දකින්නට ඇති බවත් ය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top