පෝලිමේ තෙවැනි මරණය
Monday, 21 March 2022 - 7:15 | Views - 1,543

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ විසි නව හැවිරිදි තරුණයෙකුයි.
පෙට්‍රල් පෝලිමේ රැඳී සිටි මේ දෙදෙනා අතර අදාළ බහින්බස් වීම ඇතිවී තිබෙන්නේ පෝලිම පැනීමක් සම්බන්ධයෙන්.
සිද්ධි සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පෝලිමේ සිදු වූ පළමු මරණය ලෙස දැක්වෙන මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදි සිටියදී සිහිසුන්ව ඇද වැටී මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශ කළා.
ඊයේ(20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.
භූමිතෙල් ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිමක රැදී සිටියදී පෙරේදා (19) පස්වරුවේ මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර මහනුවර ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණා.
එලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට - වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්.
මේ අතර, කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු ඊයේ (20) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් ඇති බවයි.
ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.
70 හැවිරිදි එම පුද්ගලයා මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන පුද්ගලයා වෙනවා.
Share This Article