හෙට දිනයේ ද විදුලි කප්පාදුවක්
Sunday, 20 March 2022 - 16:40 | Views - 785
හෙට (21) දිනයේ විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය 2යි විනාඩි 40ක් සහ පස්වරු 5 සිට රාත්රී 10.30 දක්වා කාලය තුල පැයයි විනාඩි 50ක් වශයෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාපවලට උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය තුනයි විනාඩි 20ක් සහ සවස 6 සිට රාත්රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 40ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
Share This Article