රත්තරං මිලේ වෙනසක්
Sunday, 20 March 2022 - 15:08 | Views - 3,527
අද වනවිට මෙරට වෙළෙඳපොළේ රන් මිලගණන් නොසිතූ ලෙස ඉහළගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ ආභරණ තැනීම සඳහා රන් හිඟයක් ද මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදියේ රන් මිල තවදුරටත් ඉහළගොස් ඇති බව වාර්තා වෙනවා.
අද වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙස සටහන් වී ඇති අතර කැරට් 22 රන් පවුමක මිල 148,000ක් ලෙස සටහන්ව පවතිනවා.
Share This Article