අසානි සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Sunday, 20 March 2022 - 14:35 | Views - 1,419
බෙංගාල බොක්කේ වර්ධනය වන අඩුපීඩන කලාපය උතුර දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී අද පීඩන අවපාතයක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය, හෙට දිනය වනවිට සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇති. අසානි ලෙස නම් කර ඇති එම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් ඇති නොවන නමුත් ඈත දියඹේ ධීවර කටයුතුවලින් වැළකිය යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළා.
බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවත්නා වසරේ පළමු සුළි කුණාටුව වන අසානි, ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දිවයින් හරහා බංග්ලාදේශය හා මියන්මාරය දෙසට ඇදෙනු ඇති බවයි ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ.
Share This Article