පෝලිමේ සිටි තවත් අයෙක් ජීවිතය හැර යයි
Sunday, 20 March 2022 - 12:59 | Views - 2,134
කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා.
පෙට්රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් තිබෙනවා.
ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බවටයි පොලිසිය සඳහන් කළේ.
70 හැවිරිදි එම පුද්ගලයා මාකොළ ප්රදේශයේ පදිංචිකරුවෙක් බවටයි සඳහන් වන්නේ.
ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන පුද්ගලයා ලෙස සඳහන්.
ඊයේ(19) දිනයේ මහනුවර ප්රදේශයේදී භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයකු ද මෙලෙස ඇද වැටී මියගියා.
ඔහු 71 හැවිරිදි වියේ පසුවූ වත්තේගම, උඩතලවින්න ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article