කිරි තේ එකක මිල ඉහළට - නව මිල මෙන්න (Video)
Sunday, 20 March 2022 - 11:33 | Views - 688
ආනයනික කිරිපිටිවල මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය හමුවේ කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා වැඩි කිරීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ ගෑස් / සීනි සහ තේ කොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් රුපියල් සියයේ මිල තීරණය කර බවයි.
මෙම මිල වෙනස් නොකර පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද අසේල සම්පත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article