ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ නමුදු අදාළ ගැසට් පත්‍රය සකස් කිරීම ප්‍රමාද කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අදාළ තහනම සමඟ ප්ලාස්ටික් හැඳි, ගෑරප්පු මෙන්ම අයිස්ක්‍රීම් කෝප්ප වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වාදීමටයි බහුජාතික සමාගම් පියවර ගත්තේ.
කෙසේ වෙතත් අදාළ ගැසට් පත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් යළි එම සමාගම් ප්ලාස්ටික්වලට යොමුවන බවට වාර්තාවන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.