ශ්රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම දර්ශකයේ ශ්රී ලංකාවට හිමිව ඇත්තේ 127වන ස්ථානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයට අනුව 2021 වසරේදී ශ්රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ශ්රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
ලෝක සංතුෂ්ඨි දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව තිබේ.