අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Sunday, 20 March 2022 - 7:47 | Views - 749

විදුලි උත්පාදනය සඳහා බලාගාරවලට ප්රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට අදත් පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව ‘ඒ සිට ‘එල් දක්වා වන කලාප 12 ට පෙරවරු 9.00 ත් පස්වරු 5.00 ත් අතර පැය 2 ක්ද, පස්වරු 5.00 ත් රාත්රී 10.00 ත් අතර පැයයි විනාඩි 15 ක් ද බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි.
‘පී සිට ‘ඩබ්ලිව් දක්වා කලාප 8කට පස්වරු 4.30 ත් රාත්රී 9.30 ත් අතර පැයයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 300 ක සම්පූර්ණ විදුලි ජනන පද්ධතියම මේ වනවිට නතර වී ඇති බවයි.
කෙසේ වෙතත් අද පැමිණෙන නෞකාවලින් ලබා ගන්නා ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබා දෙන ප්රමාණය අනුව හෙට සිට විදුලිය කප්පාදු කරන පැය ගණන තීරණය වන බවයි එම මණ්ඩලයේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
ආදාල නෞකාවලින් ලැබෙන ඩීසල් වලින් සැලකිය යුතු ප්රමාණයක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට බලශක්ති අමාත්යංශය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාවය පල කර ඇති බවද ඔහු කියා සිටියා.
Share This Article