ජනතා විමුක්ති පෙරමුණු රැලිය - ජනාධිපති ලේකම් කාර්යාලය අසලට
Friday, 18 March 2022 - 14:03 | Views - 378
ජනතා විමුක්ති පෙරමුන සංවිධානය කළ විරෝධතාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ගේට්ටුව අසලට පැමිණ ඇති බව වාර්තා වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් සිදු කරනු ලබන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව සහ ලෝටස් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.
රට තුළ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා පා ගමන මරදාන - ටෙක්නිකල් මංසන්ධියෙන් අද පෙරවරු 11 .30ට පමණ ආරම්භ වුණා.
Share This Article