වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 6,261 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 4,522ක්.
පෙබරවාරි මාසයේදී රෝගීන් 1,511ක් මාර්තු මාසයේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 228ක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ, කඩින් කඩ වැසි පැවතීම හේතුවෙන් ජනතාව යළි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ සැළකිලිමත් විය යුතු බවයි.